Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම අද සිට




සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. පළමු තරගය අද පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම තරගාවලියද ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වෙනවා.

ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලී, රෝහිත් ශර්මා ඇතුලු ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් රැසක් මෙම තරග සංචාරයට එක්වන්නේ නැහැ. ඒ අනුව මෙම තරග සංචාරයේදී ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ශිකර් ධවාන්.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා එක්දින තරග 159ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 91ක් ඉන්දීය කණ්ඩායම ජය ගත් අතර තරග 56ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තා. 

අද තරගය පැවැත්වෙන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා එක්දින තරග 111කට ක්‍රීඩා කර තිබෙනවා. ඉන් තරග 69ක් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 35ක් පරාජය වුණා. ඉන්දීය කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාගණයේදී එක්දින තරග 43කට ක්‍රීඩා කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායම ඉන් තරග 21ක් ජය ගත් අතර ඔවුන් තරග 18ක් පරාජය වුණා. 

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එක්දින තරග 33ක් පවත්වා තිබෙනවා. ඉන් දෙපිලම තරග 15 බැගින් ජය ගැනීමට දෙපිලම සමත්ව තිබීම විශේෂත්වයක්. අවසන් වරට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරග 5ම ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබීම පරාජයන් රැල්ලකට හසුව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට යම් අස්වැසිල්ලක් වනු ඇති. 

මේ අද තරගය පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කණ්ඩායම් නායක දසුන් ශානක

ඉන්දීය කණ්ඩායම අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ සිව්වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එහි 09වන ස්ථානයේ පසු වනවා.