Thursday, May 9, 2024

General line - 0115112241

ක්‍රිකට් කොන්ත්‍රාත් අවුල තවත් උඩු දුවයි - මැතිව්ස් සහ දිමුත්ගෙන් මුරලිට ලිපියක්




ක්‍රිකට් කොන්ත්‍රාත් ගෙවීම් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තමන්ට එල්ලකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු නායකයින් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරණාරත්න පවසනවා.

මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න ඇතුළු ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් සිව් දෙනෙකුගේ ගෙවීම් අඩු වීම හේතුවෙන් ක්‍රිකට් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් අර්බුධයක් හට ගත් බව මුත්තයියා මුරලිදරන්  පවසා තිබුණා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මේ හේතුවෙන් ක්‍රිකට් කොන්ත්‍රාත් අත්සන් නොකරන ලෙස මෙම ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් නවක ක්‍රීඩකයින්ට බලපෑම් කර තිබූ බවයි.

මුත්තයියා මුරලිදරන් එල්ල කරන මෙම චෝදනාවලට ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න ඔහු වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. 

මේ අතර සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි. අද තරගයේදී භානුක රාජපක්ෂට එක්දින වරම් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. මිනෝද භානුකට කඩුලු රැකීමේ වගකීම පැවරෙනු ඇති බවද වාර්තා වනවා.