Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩංගණයේදි මේ වන විට ආරම්භ වී තිබෙනවා. තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

අද තරගයේදී භානුක රාජපක්ෂ එක්දින ක්‍රිකට්වරම් දිනා ගැනීම විශේෂත්වයක්. ඔහු වාර්තා පොතට එක් වුයේ එක්දින වරම් දිනු 201වන ශ්‍රී ලංකා ක්‍රිඩකයා ලෙසයි. ඉශාන් කිෂාන් සහ සුර්ය කුමාර් යාදෙව්ද ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අද තරගයේදී එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්.