Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිලෙන් ඉන්දියාවට අභියෝගාත්මක ඉලක්කයක්




සංචාරක ඉන්දීය කණ්ඩයම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි දැන් පැවැත්වෙනවා. කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවි ලකුණු 262ක් රැස් කරමින් ඉන්දීය කන්ඩායමට අභියෝගාත්මක ඉලක්කයක් ලබා දුන්නා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුයේ වේග පන්දු යවන ක්‍රිඩක චාමික කරුණාරත්නයි. ඔහු වේගවත් පිතිහරඹයක නිරිත වෙමින් පන්දු 35කදී හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමගින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 43ක්. නායක දසුන් ශානක ලකුණු 39ක් සහ චරිත් අසලංක ලකුණු 38ක් රැස් කළා.

අද තරගයේදී එක්දින වරම් දිනු භානුක රාජපක්ෂ පන්දු 22කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 24ක් රැස් කිරිමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාර දෙකේදී ලකුණු 32ක් ලබා ගැනීම විශේෂත්වයක්. පන්දු යැවීමේදී දිපක් චහර්, යුෂ්වේන්ද්‍ර චහල් සහ කුල්දීප් යාදෙව් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. ලකුණු 263ක ඉලක්කයක් හඹා යාම සඳහා ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගල පිටියට පිවිසීමට නියමිතයි.