Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දු ශ්‍රී ලංකා දෙවන එක්දින ගැටුම අද පස්වරුවේ




සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී අද පැවැත්වෙනවා. තරඟය පස්වරු 03 ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය කඬුලු 07 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරඟ 03 කින් සමන්විත තරඟාවලියේ 1 ට බිංදුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන තිබෙනවා.

අද තරඟය සඳහා ඉසුරු උදාන වෙනුවට ළහිරු කුමාර හෝ කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇති බවටයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරඟය ජය ගත යුතු වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේදී එක්දින තරඟ 09 කට ක්‍රීඩා කරමින් ජය ගෙන ඇත්තේ එක් තරඟයක් පමණයි. ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේදී අවසන් වරට සහභාගී වූ එක්දින තරඟ 09 ම ජය ගැනීමට සමත්ව තිබෙනවා.