Thursday, May 16, 2024

General line - 0115112241

සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් වන නවතම අනාවරණය 




චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ගෙන්  95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බව මෙරට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනය විසින් සිදුකළ පර්යේෂණයකින් අනාවරණය කර ගෙන තිබෙනවා.

සයිනොෆාම් එන්නත මඟින් මේ වනවිට ලොව පුරා පැතිර යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට ද ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවයි එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ හා වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.

" සීනෝෆාර්ම් කොවිඩ් එන්නත මාත්‍රාවන් දෙකම ලබා ගත් වයස අවුරුදු 20-39ත් අතර පසුවන පුද්ගලයින් ගේ ප්‍රතිදේහ මට්ටම 98.9%ක් වන අතර වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් අතර ප්‍රතිදේහ මට්ටම  93.3%ක් ලෙස දැක්වේ. 

එන්නත ලබා ගත් පුද්ගලයින්ගෙන් 81.25% ක් තුළ එන්නත මගින් ප්‍රතිදේහ ඇති කරන අතර මෙම ප්‍රතිදේහ මට්ටම් ස්වාභාවික ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන මට්ටම් වලට සමාන වේ. ඇල්ෆා සඳහා ප්‍රතිදේහ මට්ටම් අඩු වුවද ඩෙල්ටා සහ බීටා සඳහා ප්‍රතිදේහ මට්ටම් ස්වාභාවික ආසාදනයෙන් පසුව ඇති මට්ටමට සමාන බවයි" නවතම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ.

එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් 282 දෙනෙකු ඇසුරෙන් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.