Thursday, May 16, 2024

General line - 0115112241

ඇමති ගම්මන්පිලට එරෙහිව ගෙනා වීශ්වාසභංග යෝජනාව පරදියි




බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂය විසින් ගෙනා විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 91 කින් පරාජයට පත් වුණා.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්ද 61ක් සහ විපක්ෂව ජන්ද 152ක් හිමිවුවා.

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරුණා.

බලශක්ති අමාත්‍යවරයා තමන්ට එරෙහිව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් මෙහිදී උදය ගම්මන්පිල අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර සිටියා.

මෙම විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනේ දෙවන දිනටයි. අද දිනයේ විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද විවාදයට එක් වුණා.

එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විවාදයේදී මෙලෙස අදහස් පළ කළා.

ඉන් අනතුරුව විවාදයට එක් වුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ද විවාදයට එක් වුණා.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයේ පිළිතුරු කතාව කළ අමාත්‍ය උදය ගම්මන්පිල විශ්වාසභංගයේ තමන්ට සහය පළ කළ පිරිස්වලට මෙන්ම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගයට ස්තූතිය පළ කළේ මෙලෙසයි.