Sunday, May 5, 2024

General line - 0115112241

කොවිඩ් මරණ 43ක් සහ ආසාදිතයින් 1062ක් වාර්තා වෙයි




තවත් කොරෝනා ආසාදිතයින් 1,062 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන දෙලක්ෂ 87,481 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 980 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් ගණන දෙලක්ෂ 62,828 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

. ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 43 ක් වාර්තා වි ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ. පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු සහ කාන්තාවන් 17 දෙනෙකු එලෙස මිය ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.