Friday, May 3, 2024

General line - 0115112241

අවිශ්ක සහ අසලංකගේ පිති හරඹයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි




සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඬුලු 09 ක් දැවී ලකුණු 275 ක් රැස්කිරීමට සමත් වුණා. ඒ අනුව ඉන්දිය කණ්ඩායමට මෙම තරඟය ජය ගැනීමට හිමිව ඇති ඉලක්කය ලකුණු 276 ක්. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක පළමු කඬුල්ල වෙනුවෙන් ලකුණු 77 ක සබදතාවක් ගොඩනැගුවා. පළමු කඬුල්ල ලෙස මිනෝද් භානුක දැවී ගියේ ලකුණු 36 කටයි. අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂ ලකුණු නොලබා දැවී ගියා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 71 කදී ලකුණු 50 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 04 ක සහ එක් හයේ පහරක් ඇතුලත් වුණා. මැද පෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි චරිත් අසලංක පන්දු 68 කදී ලකුණු 65 ක් රැස් කළේ හතරේ පහර 06 ක් සමගයි. චාමික කරුණාරත්න නොදැවී ලකුණු 44 ක් රැස් කළේ පන්දු 33 කදීයී. ඔහුගේ ඉනිමට හතරේ පහර 05 ක් ඇතුලත් වුණා.

පන්දු යැවීමේදී බුවනේෂවර් කුමාර් සහ යස්වින්ද්‍ර චාල් කඬුලු 03 බැගින් දවා ගත්තා.