Sunday, May 5, 2024

General line - 0115112241

හජ් උත්සවය අදයි




ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරනවා. හජ් උත්සවයේ ඉස්ලාම් භක්තිකයින්ට වැදගත් වන හේතු සම්බන්ධයෙන් හේතු දැක්වූ ඊරස්සගල මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජක එස් එම් හිර්ෂාඩ් රවාහි මවුලවි.

හජ් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ හජ් සමය ලොවපුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අතර අනf්‍යා්න්‍ය අවබෝධය, සෙනෙහස සහ සමාචාර වතාවත් ඉහළින් පිළිඹිබු කෙරෙන ආධ්‍යාත්මික උළෙලක් බවයි. එය ඉස්ලාම් සාමාජය අනාගත පරපුරට සංස්කෘතිය පවරා දෙන සුවිශේසී කාලපරිච්f‏‏දයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ශුද්ධවූ කුරාණය සහ මුහම්මද් නබිතුමාගේ ජීවන දර්ශනය අනුව යන ඉස්ලාමීය බැතිමතුන්ට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඥාවෙන් සාක්ෂාත් වන මංගල්‍යක් වේවායි ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා නිකුත් කළ හජ් පණිවුඩයේ සඳහන්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හජ් දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණක බැදී, එකම පූජා භූමියක රැස්ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය ප්‍රාර්ථනා කරනුයේ හජ් වන්දනාව තුළිනි.

ඒ අනුව සමාජීය සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට සන්නිවේදනය කරන ප්‍රමුඛ ආගමික උත්සවයක් ලෙස හජ් වන්දනාව සැලකිය හැකි බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවරත් ඉස්ලාම් බැතිමතුන්ට මක්කම ගොස් හජ් වන්දනාවේ යෙදීමට ඉඩකඩ ඇහිරී ගොස් තිබෙනවා. එහෙත් සාමය, සහෝදරත්වය, සමානාත්මතාව අගය කරන හජ් දින සුබ ප්‍රාර්ථනාවන්ට එමගින් බාධාවක් නොවන බව සිය විශ්වාසය වන බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ හජ් දින පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.