Sunday, May 5, 2024

General line - 0115112241

යාල වනෝද්‍යානයේ අක්කර 12,000 ක් අවදානමක - පරිසර සංවිධානයක් හෙළි කරයි




යාල ජාතික වනෝද්‍යානයේ සිතුල්පව්වට ආසන්න අලිගල ප්‍රදේශයේ පිහිටි ආකාස චෛත්‍ය ප්‍රතිසංස්කරණය සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශය ලබාදී ඇත්තේ පවතින නීති රාමුවෙන් බැහැරව බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා. එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ එම තීරණය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ අක්කර 12,000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින බවයි.

එම ප්‍රදේශයේ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරන බව රජය විසින් ප්‍රකාශ කර ඇතත් එහි දැනට පවතින්නේ අඩි පාරක් පමණක් බවද පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් වැඩි දුරටත් සඳහන් කළා.