Thursday, May 2, 2024

General line - 0115112241

ඔලිම්පික් ගිය ශ්‍රී ලංකා නියෝජනය ගැන පසුවිපරමක්




ලොව අසිරිමත් ක්‍රීඩා මංගල්‍ය වන ඔලිම්පික් උළෙල ආරම්භ වීමට ඇත්තේ තවත් එක් දිනයක් පමණයි. ජපානයේ ටෝකියෝ නුවරදී මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භය සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්. 

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු එක් වනවා. නෙත් ස්පෝර්ට්ස්මන් තුළින් අද විමසා බැලෙන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන ජූඩෝ ශූර චාමර නුවන් ධර්මවර්ධන, ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහානි ද සිල්වා සහ පිහිනුම් ශූර මැතිව් අබේසිංහ පිළිබඳවයි.

හෙටින් ආරම්භ වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අසිරිය ඔබ වෙත ගෙන ඒමට නෙත් ස්පෝට්ස්මන් සූදානම්.