Sunday, May 12, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමට ICC යෙන් දඩ




න්දීය කණ්ඩායම හමුවේ පෙනි පෙනී තිබූ ජයග්‍රහණය ගිලිහී ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩයක් නියම කර තිබෙනවා. ඒ, දෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අඩු පන්දු යැවීමේ වේගයක් රඳවා ගැනීම හේතුවෙන්. 

මේ අතර වම් පාදයේ ආබාධයට ලක්වූ භානුක රාජපක්ෂගේ ආබාධ මේවනවිට සුව අතට පත්ව තිබෙනවා. ඒ අනුව ඔහුට ඉන්දියාවට එරෙහි 03 වන එක්දින තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇති. ශ්‍රී ලංකා - ඉන්දියා තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.