Wednesday, April 24, 2024

General line - 0115112241

සූර් වූ වනජීවීයේ ‘ගොන්‘ වැඩෙන් ‘ගෝනා‘ මියයද්දී ගම්වාසීන් වනජීවියත් එක්ක ඇරගනී (PHOTOS)




ගිනිගත්හේන අඹගමුව උඩුබුලත්ගම මහපතන ගම්මානයේ ලඳු කැලෑවක ඊයේ (09) උදෑසන ළිඳක වැටී සිටි දැවැන්ත ගෝනෙකුගේ ජිවිතය බේරාගැනීමට වනජිවි නිළධාරීන් කටයුතු නොකළ බවට පවසමින් වනජිවි නිළධාරින් හා එම ගම්වාසින් අතර ඊයේ (09) පස්වරුවේ දැඩි නොසන්සුන්තාවක් ඇතිවුණා.

තුවාල සහිතව වන රොදක රැඳී සිටි මෙම දැවැන්ත ගෝනා පිළීබදව ගමවාසින් විසින් නල්ලතන්නියේ වනජිවි කාර්යාලයේ නිළධාරින්ට දැනුම් දී පැය කිහිපයකට පසු පැමිණි එම නිළධාරින් එම ගෝනාව අල්ලා ගැනිමට උත්සහ කිරිමේදී ඉන් රක්‍ෂිතයට පැනගිය ගෝනා පානිය ජලය ලබා ගන්නා කුඩා ළිදකට වැටි සිටියා.

එම ගෝනාව එම ළිඳෙන් ගොඩ ගෙන මුදා ගැනිමට වනජිවි නිළධාරින් කටයුතු නොකිරිම නිසා ගෝනා මියගියා. එයට උරන වු ගමිවාසින් චෝදනා කළේ මෙම ගෝනාව මුදා ගැනිමට ගමිවාසින්ට තිබු උනන්දුව වනජිවි නිළධාරින්ට නොතිබුණ බවයි.ගෝනා මුදා ගැනිමට පැමිණි වනජිවි නිළධාරියෙක් අධික ලෙස මත්පැන් පානය කර සිටි බවටද ගම්වාසින් චෝදනා කළා.

මියගිය ගෝනාගේ සිරුර නල්ලතන්නියේ වනජීවි කාර්යාලයට රැගෙන යාමට නිළධාරින් උත්සහ කිරිමේදී එයට විරුද්ධ වු ගමිවාසින් එම රක්ෂිතයේම වලක් කපා භූමිතෙල් වක්කර ගෝනාව මිහිදන් කරනු ලැබුවා. ගෝනා මුදා ගැනිමට පැමිණී වනජිවි නිළධාරින් පවසා සිටියේ මෙවැනි හදිසි තත්ත්වයකදි වන සතුන් බේරා ගැනිමට තරම් අවශ්‍ය සමිපත් තම කාර්යාලය සතුව නොමැති බවයි.

Image00001gini

Image00002gini

Image00003gini

Image00004gini

Image00005gini

Image00006gini