Friday, May 10, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පිලෙන් වාර්තාවක්




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන 03 වන එක්දින ක්‍රිකට් තරගයේදී ඉන්දීය කණ්ඩායම අද නව වාර්තාවක් බිහිකළා. ඒ, වසර 21 කට පසු වැඩිම ක්‍රීඩකයින් පිරිසකට ඉන්දීය කණ්ඩායමේ ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලබාදෙමින්.

අද තරගයේදී ඉන්දීය කණ්ඩායම වෙනස්කම් 06 ක් සමග පිටියට පිවිසි අතර ඉන් ක්‍රීඩකයින් 05 දෙනෙකුම අද ජාත්‍යන්තර වරම් දිනාගත් නවක ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්. 

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 47 කට සීමා කළ තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දියාව පන්දුවාර 28 යි පන්දු 03 ක් අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 179 ක් රැස්කර ගෙන සිටිනවා.