Friday, May 10, 2024

General line - 0115112241

නුවරඑළියේ දරුවන් ගැන නියමු ව්‍යාපෘතියක්




නුවරඑළිය දිස්ත්‍රික්කයේ හිංසනයට සහ අපයෝජනයට ලක් වු දරුවන් ඉලක්ක කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් අද සිට ආරම්භ කරන බව කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම දිස්ත්‍රික්කයේ දරුවන් මුහුණ දෙන තවත් ගැටලු කිහිපයක් පිළිබඳවද එහිදී අවධානය යොමු කරන බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්ත ද සිල්වා පැවසුවේ. 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

එම සිද්ධියට අදාලව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, බිරිඳගේ පියා සහ දැරිය මෙම නිවසට රැගෙන ආ තැරුව්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්ත්‍රීවරයාගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි 22 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරෙකු ද පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගැණුනා.