Friday, May 10, 2024

General line - 0115112241

ටෝකියෝ ඔලිම්පික් පළමු රන් පදක්කම චිනයට - ශ්‍රී ලංකාවේ දෙදෙනෙක් පස්වරුවේ ඔලිම්පික් තරග බිමේ




ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය අද සමත් වුණා. ඒ කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉලක්කට වෙඩි තැබීමේ කාන්තා ඉසව්වෙන්. චීනයේ ක්යාන් යාංග් විසින් එම රන් පදක්කම දිනා ගත් අතර ඇය මූලික වටයේදී හිමිකර ගත්තේ 6 වන ස්ථානයයි.  

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රිදී පදක්කම එම වෙඩි තැබීමේ ඉසව්වට එක් වූ ස්වාධීන ක්‍රිඩිකාවක් වන රුසියාවේ අනස්ටීසියා ගලෂිනා විසින් දිනා ගත්තා. ලෝකඩ පදක්කම දිනා ගත්තේ ස්විට්සර්ලන්ත ක්‍රීඩිකාවක් විසින්. අද අලූයම 5 ට ආරම්භ වූ මෙම කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉලක්කට වෙඩි තැබීමේ ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදාවේ ටෙහානි එගොඩවෙලද එක් වුණා. එහි දී ඇයට මූලික වටයේදී ක්‍රීඩිකාවන් 50 දෙනෙකු අතරින් හිමි වුණේ 49 වන ස්ථානයයි. 

මේ අතර බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න සහ පිහිණුම් ශූරී අනිකා ගෆූර් සශභාගි වන මූලික වටයේ තරග අද පස්වරුවේ පැවැත්වෙනවා. අනිකා ගෆූර් සහභාගි වන කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3 යි 55ට ආරම්භ වීමට නියමිතයි.

නිලූක කරුණාරත්න සහභාගි වන පිරිමි කේවල බැඞ්මින්ටන් මූලික වටයේ තරගය අද පස්වරු 4.30ට ආරම්භ වනවා. එහිදී ඔහු තරග  වදින්නේ බැඞ්මින්ටන් කේවල ශ්‍රේණිගත කිරීම්වල 10  වන ස්ථානයේ පසුවන වැන්ග් සු වෙයි සමගයි. ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව නිලූක කරුණාර්තන 117 වන ස්ථානයේ පසුවනවා.