Friday, May 10, 2024

General line - 0115112241

පිතිකරණ දුර්වලතා කිහිපයක් නිවැරදි කර ගැනීමට අවස්ථාව ලැබුණා - අවිශ්ක ප්‍රනාන්දු




එංගලන්ත සංචාරයේ සිය පිතිකරණයේ තිබු දුර්වලතා කිහිපයක් ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේදී තමන්ට නිවැරදි  කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පවසනවා. ඒ හේතුවෙන් තමන්ට මෙවර එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට හැකි වූ බවත් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළා.

දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භවනවා. ඊට ඇති සූදානම පිළිබඳ මාධ්‍යවේදියෙකු අවිශ්ක ප්‍රනාන්දුගෙන් විමසීමක් සිදු කළා.