ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වට අද එක් වූ නිලූක කරුණාරත්න මූලික වටයේ පළමු තරගයේදී චීන තායිපේ ක්‍රීඩක WANG Tzu - Wei (වැන්ග් ටීසු වෙයි) හමුවේ වට 2-0ක් ලෙස පරාජයට පත් වුණා. නිලූක මෙලෙස පරාජයට පත් වූයේ බැඩ්මින්ටන් කේවල ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවන ක්‍රීඩකයා හමුවේයි.
F කාණ්ඩයෙන් තරග වදින නිලූක මූලික වටයේ සහභාගිවන දෙවන තරගය අයර්ලන්තයට ක්‍රීඩක Nhat Nguyen IRL එරෙහිව ලබන 26 වැනිදා තරග වැදීමට නියමිතයි.
මීට අමතරව ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග අද අවසන් වු අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුනු අනිකා ගෆූර් හිමි වූයේ කාල ගණනයන්ට අනුව 32 වන ස්ථානයයි.
එම පිහිනුම් ඉසව්වේ පළමු මූලික වටයේ දී අනිකා ගෆූර් දෙවැන්නා ලෙස තරග නිම කළේ විනාඩියයි තත්පර 05යි දශම 3යි 3 දක්ෂතාවක් වාර්තා කරමින්.
මූලික වටයේ තරග 5කින් සමන්විත වූ කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්ව සදහා ක්‍රීඩිකාවන් 33 දෙනෙකු එක් වූ අතර හොදම කාලගණනයන් වාර්තා කළ ක්‍රීඩිකාවන් 16 දෙනා එම පිහිනුම් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.