Sunday, May 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු විස්සයි 20 තරගය අද




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරගය රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති තරග 03කින් සමන්විත එක් දින තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා පන්දුවාර 20 ක්‍රිකට් තරග 19ක් පවත්වා තිබෙනවා.

ඉන් තරග 13ක් ඉන්දීය කණ්ඩායම ජයගත් අතර තරග 05ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඉන්දීය කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරග ජයක් වාර්තා කර ඇත්තේ 2018 වසරේදීයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ වසර 03කට පසු ඉන්දීය කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරග ජයක් වාර්තා කිරීමේ අපේක්ෂාවෙන්.