Monday, May 6, 2024

General line - 0115112241

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරිය මිය යාම පිළිබඳ පොලිසියට ප්‍රකාශ 30ක් - ළමුන් ආරක්ෂා කරන්නැයි ඉල්ලා වතුකරයේ අදත් විරෝධතා

රංජිත් රාජපක්ෂ




හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි 16 හැවිරිදි දැරියක් මිය යාම් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 30කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අදාල දැරිය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසට රැගෙන ආ තැරැව්කරුගේ බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක කළ බවයි.

ආගරපතන ප්‍රදේශයේ බැංකුවක සැකකරු විසින් පවත්වාගෙන යන බැංකු ගිණුමකට යම් ආකාරයක මුදල් බැරවීමක් සිදුවිය ඇති බව මෙම විමර්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර මිය ගිය දැරිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර  ඇයට සාධාරණයක් ඉටු කරන ලෙස රජයට බල කරමින් හැටන් කොටගල නගරයේ වතු කම්කරුවන් අද දිනයේද විරෝධතාවක නිරත වුණා. විරෝධතාවට එක්වු වතු කම්කරුවන් කියා සිටියේ වතු ආශ්‍රීත ළමුන් විශාල පිරිසක් මෙහෙකාර සේවයේ යේදී සිටින බවත් ඔවුන් ඉන් මුදා ගැනීමට මෙන්ම මෙවැනි හිංසන සිදු නොවීමට බලධාරීන් නිීති සම්පාදනය කළ යුතු බවයි.

අදාල දැරිය මිය යාම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීරද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

මේ අතර නොරොච්චොලේ ප්‍රදේශ නිවසක කෲරත්වයට ලක්වෙමින් සිටි 13 හැවිරිදි දැරියක් පොලිසිය විසින් මුදා ගෙන තිබෙනවා. අදාල දැරිය කෲරත්වය පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සහ පියාගේ සහෝදරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.