Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකාවට ටෝකියෝ ඔලිම්පික් අවසන් වටය අහිමි වෙයි




ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළේලේ කලාත්මක ජිම්නාස්ටික් කාන්තා තරග ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වු මිල්කා ගෙහානි ද සිල්වාට අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අද අහිමි වුණා. අංශ 05කින් පැවති කාලාත්මක ජිම්නාස්ටික් තරග ඉසව්වේදී ඇය රැස්කල ලකුණු සංඛ්‍යාව 45යි දශම 7යි 9යි 8ක්. එම ඉසව්වේ වැඩිම ලකුණු ලබා ගන්නා ක්‍රීඩිකාවන් 24 දෙනා අවසන් වටයට සිදුසුකම් ලබනු ඇති.

මේ අතර චීනය අභිබවමින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සත්කාරක ජපානය සමත්ව තිබෙනවා. ඒ, රන් පදක්කම් 03ක්, රීදි පදක්කමක් දිනා ගනිමින්. චීනය රන් පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා. අමෙරිකා එක්සත් ජනපදය පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසුවන්නේ රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා ගනිමින්.