Monday, May 6, 2024

General line - 0115112241

අද තරගයට භානුකගේ සහභාගිත්වය අවිනිශ්චිතයි




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගය සඳහා භානුක රාජපක්ෂගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ. ඒ ඔහු ඇගිල්ලේ ආබාධයකට ලක් විම හේතුවෙන්. වනිදු හසරංග අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.  

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා පන්දුවාර 20 ක්‍රිකට් තරග 19ක් පවත්වා ඇති අතර ඉන් තරග 13ක් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග 05ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඉන්දීය කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරග ජයක් වාර්තා කර ඇත්තේ 2018 වසරේදීයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ වසර 03කට පසු ඉන්දීය කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරග ජයක් වාර්තා කිරීමේ අපේක්ෂාවෙන්. දෙරට අතර මේ දක්වා පන්දුවාර විස්ස තරගාවලි 07ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 06ක් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

එක් තරගාවලියක් අවසන් වුයේ ජය පරාජයෙන් තොරවයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ඉන්දීය කණ්ඩායමට එරෙහිව පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වී නැහැ. ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීමවල දෙවන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම සටහනේ 09වන ස්ථානයේ පසුවනවා.