Sunday, May 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු අද ඔලිම්පික් තරග බිමට




ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු අද දිනයේදී ටෝකියෝ ඔලිම්පික් තරග බිමට පිවිසෙනවා. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ තරග පැවැත්වෙන 3 වන දිනය අදයි. මෙවර ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන චාමර නුවන් ධර්මවර්ධන ජූඩෝ තරග ඉසව්ව සදහා කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් අද තරග වැදීමට නියමිතයි.

එම තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 8 යි 48 ට ආරම්භ වන අතර ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ජිබුති රාජ්‍යයේ හුසේන් ඒඩ්න්.

මේ අතර බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සහභාගිවන තවත් තරගයක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, අයර්ලන්ත ක්‍රීඩකයෙකුට එරෙහිවයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3 යි 50 ට ආරම්භ වනවා.