Saturday, May 4, 2024

General line - 0115112241

ආණ්ඩුවේ පක්‍ෂයක් කොතලාවල පනතට එරෙහි වෙයි




කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනයට ලක් නොකරන්නේ නම් අදාළ ඡන්ද විමසීමේදී ඊට එරෙහිව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය තීරණය කර තිබෙනවා.

එම පක්‍ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සදහන් කළේ පක්‍ෂය ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදීද දැනුවත් කළ බවයි.

අදාළ පනත සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලීමක් කළ බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කළේ කොතලාවල විශ්ව විද්‍යාල පනත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කර ගන්නා බවයි.