Sunday, May 5, 2024

General line - 0115112241

කොළඹ මාර්ග ජලයෙන් යටවෙයි




ඇදහැළෙන වැසි හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

ආමර් වීදිය, තුම්මුල්ල සහ කිංසි පාර මෙන්ම අතුරු මාර්ග රැසක් වැසි ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටද තද වැසි සහ දැඩි සුළං තත්ත්වයක් පවතිනවා.

වතුකරයේ කදුකර ප්‍රදේශවල අධික වර්ෂාව හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම ප්‍රදේශවල අධික වැසි සහ තද සුළං තත්ත්වයට අමතරව වරින්වර ඝන මීදුම් තත්ත්වයක් පවතින බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.

වර්ෂාව හේතුවෙන් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සහ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. ඇදහැළෙන වැසි හේතුවෙන් එම මාර්ගවලට පස් කදු කඩා වැටීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයක පමණ තද වැසි අපේක්‍ෂා කළ හැකි බවයි.