Saturday, May 4, 2024

General line - 0115112241

ගෑස් සිලින්ඩර් ගැන තවත් ගැසට් නිවේදනයක්




ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක බර කිලෝග්‍රෑම්වලින් සිලින්ඩරයේ පැහැදිලිව පෙනෙන ස්ථානයක සඳහන් කිරීම අනිවාර්ය කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ගෑස් සිල්න්ඩරවල බර කිලෝග්‍රෑම්වලින් සඳහන් කර නොමැති නම් ඒවා නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම සහ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් බවයි.

මේ අතර ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1,150 ක් ලෙස නියම කරමින් ඊයේ තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඊයේ සිට මෙම උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය සදහන්.

කෙසේවෙතත් දිස්ත්‍රික් මට්ටමින් අදාළ මිල ගණන්වල වෙනස්වීමක් සිදු කර ඇති අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උපරිම සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 1,150ක්  ලෙසයි.

කළුතර දිස්ත්‍රික්කයේ අදාළ ගෑස් සිල්න්ඩරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 1,158ක් වනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ එය රුපියල් 1,181කට අලෙවි කළ හැකි වනවා. ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් වැඩිම මිලකට අලෙවි කළ හැකි වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 1,259ක්.