Sunday, May 19, 2024

General line - 0115112241

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි 20 තරගය අදයි




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරගය රාත්‍රී 8 ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව එකට බිංදුවක් ලෙස ඉන්දීය කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා. භානුක රාජපක්‍ෂගේ සහභාගිත්වය අද තරගයට ද අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව සදීර සමරවික්‍රමට අද තරගයේදී අවස්ථාවක් හිමිවනු ඇති බවටද වාර්තා පළ වනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඉන්දීය කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරග ජයක් වාර්තා කර ඇත්තේ 2018 වසරේදීයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ වසර 03කට පසු ඉන්දීය කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරග ජයක් වාර්තා කිරීමේ අපේක්ෂාවෙන්.