Sunday, May 5, 2024

General line - 0115112241

නිරෝධායන රීති කැඩූ 122ක් අත්අඩංගුවට : හෙදියට පහරදුන් හිමිනම රක්ෂිත බන්ධනාගාරයට




නිරෝධායන රෙගුලාසි කඩ කළ තවත් පුද්ගලයින් 123 දෙනෙකු ඊයේ දිනය තුළ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 52,277 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. ඒ අතරින් 48,000 කට පමණ මේ වන විට නඩු පවරා තිබෙනවා. 

මේ අතර පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීමට තැත් කළ පුද්ගලයින් 232 දෙදෙනෙකු ඊයේ දිනය තුළ ආපසු හරවා යැවීමටද පොලීසිය කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළේ.

ආණමඬුව රෝහලේදී හෙදියකට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිමිනම අගෝස්තු මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.