Monday, May 6, 2024

General line - 0115112241

පිලිපීනයට ඉතිහාසයේ පළමු වරට ඔලිම්පික් රන් පදක්කමක්




ඔලිම්පික් ඉතිහාසය තුළ දිනාගත් සිය ප්‍රථම රන් පදක්කම දිනාගැනීමට පිලිපීනය සමත්වුණා. ඒ, මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී කාන්තා බර ඉසිලීමේ ඉසව්වේ කිලෝග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කළ හිඩිලින් ඩයස් විසින්.

එහිදී ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 97 ක බරක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 127 ක බරක් ඔසවමින් සමස්ථ තරඟයේදී කිලෝග්‍රෑම්  224 ක බරක් එසවීමට ඇය සමත් වුණා.

එම තරඟයේදී ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට හිඩිලින් විසින් එසවූ කිලෝග්‍රෑම් 127 ක බර නව ඔලිම්පික් වාර්තාවක් ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

ඇය 2016 වසරේ පැවති රියෝ ඔලිම්පික් උළෙලේ දී රිදී පදක්කමක් සිය රටට දිනා දුන්නේ වසර 20කට පසුව පිලිපීනය දිනාගත් පළමු ඔලිම්පික් පදක්කම ලෙසයි. ඒ අනුව පසුගියවර දිනාගත් රිදී පදක්කම මෙවර රන් පදක්කමක් බවට පරිවර්තනය කරගැනීමට හිඩිලින් ඩයස් සමත්ව තිබෙනවා.

මේ අතර පිහිනුම් ශූර මැතිව් අබේසිංහ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් සියය නිදහස්ආර පිහිනුම් ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද එක්වනවා. ඒ පිළිබද තොරතුරු ජපානයේ ටොකියෝ ජාතික ක්‍රිඩාංගණයේ රැදී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත මනෝජ් උදටියාවලගෙන්.