Monday, May 6, 2024

General line - 0115112241

අගමැති සමග සාකච්ඡාවත් අසාර්ථකයි - ගුරු, විදුහල්පති වර්ජනය අඛණ්ඩව




ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකර තිබෙනවා. ඒ, ගුරු විදුහල්පති වෘත්තීය සමිත‘ සංගම් නියෝජිතයන් සමඟ අරලිගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවේදීයි.    

ඒ අනුව ලබන සඳුදා සිට සේවය කිරීමට සූදානම් වන්නැයි අග්‍රාමාත්‍යවරයා එහිදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති වෙත දැනුම්දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති සංගම් තීරණය කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවත‘ි සාකච්ඡාවේදීද සිය ගැටළුලට විසදුම් නොලැබීම හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.