Monday, May 6, 2024

General line - 0115112241

සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ




සියලුදෙනාට තිරසර නගරයක පහසුකම් අත්විඳිය හැකි අයුරින් විධිමත් නගර සියයක් රටේ ජනතාව වෙනුවෙන් උරුම කර දෙනබව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරන රට පුරා නගර 100ක් එකවර සංවර්ධනය කිරීමේ “සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය” කුරුණෑගල හිරිපිටිය නගරයෙන් ආරම්භ කිරීමේ ජාතික උත්සවයට අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සියක් නගර සංවර්ධන ව්යායපෘතිය යටතේ එක් නගරයක් සංවර්ධනය කොට අලංකාර කිරීම සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 20ක්. ඒ අනුව නගර සියය සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කර තිබෙනවා.