Friday, May 17, 2024

General line - 0115112241

ඔලිම්පික් තරඟ බිමේදී මැතිව් අබේසිංහට 48 වන තැන




මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ 4 වන මූලික වටයේ තරගයට අද සහභාගී වූ පිහිණුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ එම තරගයේදී 8 වන ස්ථානයට පත් වුණා. මැතිව් එහිදී දැක් වූ දක්ෂතාව තත්පර 53.62 ක්.

එම ඉසව්වේ මූලික වටයේ තරග 9කින් සමන්විතවූ අතර හොදම කාලයන් වාර්තා කළ ක්‍රීඩකයින් 16 දෙනා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. කාලගණනයන්ට අනුව මැතිව් අබේසිංහට හිමි වූයේ එම පිහිනුම් ඉසව්වට සහභාගි වූ ක්‍රීඩකයින් 70 දෛනා අතරින් 48 වන ස්ථානයයි. 

අද පැවැති තරග ඉසව්වේදී මැතිව් අබේසිංහ පළමු මීටර් 50දී ඉදිරියෙන් පසු වූ අතර අවසන් මීටර් 50 දී ඔහු පසුබෑමකට ලක් වුණා. මැතිව් අබේසිංහ 2019 වසරේදී ඉන්දියාවේදී මීටර් 100 නිදහස් ආර් පිහිනුම් ඉසව්ව තත්පර 51.23කින් නිම කරමින් දකුණු ආසියානු වාර්තාවක්ද පිහිටවූ  අතර එම වාර්තාවට තවමත් හිමිකම් කියන්නේ ඔහුයි. 
කෙසේ වෙතත් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එම ඉසවවේදී සිය උපරිම දක්ෂතා මට්ටමට ලගාවීමට මැතිව් අබේසිංහට අවස්ථාව හිමිවූනේ නැහැ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තවත් තොරතුරු ජපානයේ ටොකියෝ ජාතික ක්‍රිඩාංගණයේ රැදී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත මනෝජ් උදටියාවලගෙන්.