ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ යළි පෙරමුණට පැමිණීමට සත්කාරක ජපානය සමත්ව තිබෙනවා. ඒ, රන් පදක්කම් 10 ක් දිනා ගනිමින්. රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් සමඟින් මේවන විට ජපානය දිනා ඇති සමස්ථ පදක්කම් ගණන 18 ක්.
න් පදක්කම් 09 ක්, රිදී පදක්කම් 08 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් දිනා ගනිමින් අමෙරිකාව දෙවන ස්ථානයේ රුදී සිටින්නේ සමස්ථ පදක්කම් 25 ක් හිමිකර ගනිමින්. කෙසේ වෙතත් මෙතෙක් හිමි කරගෙන ඇති සමස්ථ පදක්කම් ප්‍රමාණය අනුව පළමු ස්ථානයට පත්ව ඇත්තේ අමෙරිකාවයි.
චීනය රන් පදක්කම් 09 ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 07 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ රැදී සිටිනවා. චීනය දිනා ඇති සමස්ථ පදක්කම් ගණන 21 ක් වන අතර සමස්ථ පදක්කම් ගණන අනුව චීනය පසුවන්නේ දෙවන ස්ථානයේයි.
පිරිමි වොලිබෝල්, අත්පන්දු සහ කාන්තා වෙඩි තැබීමේ මූලික වටයේ තරඟ කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක වනවා.