Wednesday, May 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන 20 යි 20 තරගය අද රාත්‍රියේ පැවැත්වීම තහවුරු වෙයි




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20 යි 20 තරඟය අද රාත්‍රියේ පැවැත්වෙනවා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී රාත්‍රී 08 ට තරඟය ආරම්භ වීමට නියමිතයි. ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු මෙම තරඟය අද දිනය දක්වා කල් දැමීමට තීරණය කළේ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යා කොරෝනා ආසාදිතයෙකු බව තහවුරුවීමත් සමඟයි.

කෘනල් පාණ්ඩ්‍යා සමඟ සමීප සබඳතා පැවැත්වූ ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 08 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර ඒවායේ ප්‍රතිපළ අනුව එම ක්‍රීඩකයින් 08 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරුවී තිබෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව එම ක්‍රීඩකයින් 08 දෙනා නිරෝධායනයට යොමු කෙරුණු බවයි වාර්තා වුණේ.

පවතින තත්ත්වය හමුවේ තරඟාවලිය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දෙරටේ ක්‍රිකට් බලධාරීන් අතර අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී දෙරටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ සැලසුම් කළ පරිදි අද රාත්‍රියේ තරඟය පැවැත්වීමටයි.

මේ අතර ආබාධයකට ලක්ව සිටින භානුක රාජපක්ෂ වෙනුවට සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කළේ.