Monday, May 6, 2024

General line - 0115112241

තිහට වැඩි සියයට 68 කට පළමු කොවිඩ් එන්නත ලබාදී අවසන්




රෝහල් පද්ධතිය තුළ ඔක්සිජන් හිඟයක් පවතින බවට ඇතැම් මාධ්‍ය පළ කර ඇති වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් අතර ඩෙල්ටා වෛරසය ආසාදිත පුද්ගලයින් සියයට 20 ක් පමණ සිටින බවට පළව ඇති වාර්තා ද වැරදි ලෙස අර්ථකතනය කිරීමක් බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ ද මෙම මාධ්‍ය හමුවට එක් වුණා. ඔහු කියා සිටියේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 30 ට වැඩි මෙරට පුද්ගලයින්ගෙන් සියයට 68 කට වැඩි පිරිසකට කොවිඩ් මර්දන පළමු එන්නත ලබාදී ඇති බවයි.

කොවිඩ් එන්නත් මෙතෙක් ලබා නොගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩි සැලකිල්ලක් යොමු කිරීමට සිදුවන බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ වැඩි දුරටත් පෙන්වා දුන්නා.