Monday, May 6, 2024

General line - 0115112241

සරසවි ඇදුරන් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසේ




කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත ඉවත් කර ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසුවේ පාර්ශව ගණනාවක් සිදුකරන එම ඉල්ලීමට රජය ඇහුම්කන් දිය යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඊයේ දිනයේදී ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ද ඉවත් වුණා. 

මේ අතර ගුරුවරුන් ආරම්භ කර ඇති ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත් වීම ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය 18 වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.