Tuesday, May 7, 2024

General line - 0115112241

කුසල්, නිරෝෂන් සහ ධනුෂ්ක අද විනය කමිටුව හමුවට




ක්‍රිකට් තහනමකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක යන තිදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අද කැඳවීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, එංගලන්ත තරඟ සංචාරය අතරතුර ඩර්හැම් හීදි ජෛව ආරක්ෂක බුබුලේ රෙගුලාසි උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පත් කළ පංච පුද්ගල කමිටුව හමුවේ කරුණු දැක්වීමටයි. 

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායකගේ සභාපතිත්වයෙන් යුතුව එම පංච පුද්ගල කමිටුව පත් කෙරුණා. මීට පෙර මෙම ක්‍රීඩකයින් තිදෙනා තමන් අතින් වරද දෙකක් සිදුවු බව පිළිගනිමින් එයට සමාව ඉල්ලා ලිපියක් යොමු කළ බව ද වාර්තා වනවා.