Friday, May 17, 2024

General line - 0115112241

ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ තවමත් චීනයට




ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් චීනය පෙරමුණේ පසුවනවා. ඒ රන් පදක්කම් 19ක්, රීදි සහ ලෝකඩ පදක්කම් 11 බැගින් ලබා ගනිමින්. රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 07ක් දිනා ගනිමින් ජපානය පසුවන්නේ දෙවන ස්ථානයේයි.

අමෙරිකාවට හිමි රන් පදක්කම් ගණන 16ක්, ඔවුන් රීදි පදක්කම් 14 ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් ද ලබාගෙන සිටිනවා. ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ පදක්කම් සටහනේ අමෙරිකාව මේ වනවිට 3 වන ස්ථානයේ පසු වනවා.

මේ අතර ඔලිම්පික් තරග සදහා සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීම සදහා නිල ඔල්වරසන් ගීතය අයි සී එල් බ්‍රෑන්ඩ් පෞද්ගලික සමාගම ඉකුත්දා හදුන්වා දෙනු ලැබුවා.  මේ, ඒ පිළිබද කරුණු දැක්වූ එම සමාගමේ අළෙවි කළමණාකාරිණි චේතිකා රාජපක්‍ෂ.