Friday, May 17, 2024

General line - 0115112241

යුපුන්ට අවසන් පූර්ව වටය අහිමි වෙයි




මීටර් 100 පිරිමි ඉසව්වේ මූලික වටයේ තුන්වන තරගයට එක් වූ යුපුන් අබේකෝන් එහිදී 5ස්ථානය දිනාගැනීමට සමත් වුණා. ඔහුගේ තරග නිමි කාලය දැක්වුණේ තත්පර 10යි දශම 3යි 2ක් ලෙසයි. ඒ අනුව යුපුන් අබේකෝන් හට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.

මෙම ඉසව්වේ පෞද්ගලික හොඳම දක්ෂතාවය තත්පර 10යි දශම 1යි 5ක්. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මීටර 100 ධාවන ඉසව්වක් සදහා එක් වූයේ වසර විසි පහකට පසුවයි. ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ පළමු වටයෙන් ඉවත්වීමට සිදුවී ඇති නමුත් කාල ගණනය අනුව ඔහු ක්‍රීඩකයින් 62 දෙනෙකු අතරින් 42 වන ස්ථානයට පත්ව තිබෙනවා. 

මේ අතර ලොව වේගවත්ම කාන්තාව ලෙස ජැමෙයිකාවේ එලෙයිනා තොම්සන් අද කිරුළු පැලදුවා. ඒ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළේලේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්. එහිදී ඇය දැක්වූ දක්ෂතාවය තත්පර 10යි දශම 06යි 01ක්. එම දක්ෂතාව මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ නව ඔලිම්පික් වාර්තාවක් ලෙසද සටහන්වුණා. මීටර් 100ක කාන්තා ධාවන ඉසව්වේ රන්, රීදි සහ ලෝකඩ යන පදක්කම් තුනම ජැමෙයිකානු ක්‍රීඩිකාවන් විසින් දිනා ගැනීමද විශේෂත්වයක්.