Friday, May 17, 2024

General line - 0115112241

ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි




ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. 33 හැවිරිදි ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළේ ඉන්දියාවට එරෙහිව නිමා වූ දෙවැනි පන්දුවාර 20යි 20 තරගය සදහායි.

2009 වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ජාත්‍යන්තර 20යි 20 පිටියට පිවිසි උදාන එම තරගාවලියේ තරග 5කට ක්‍රීඩා කළ අතර, අවසන් මහා තරගයට ද ක්‍රීඩා කරනු ලැබුවා.

2012 වසරේ දී එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසුන ද, අනතුරුව වසර 7ක පමණ කාලයක් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහුට හැකි වූයේ නැහැ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉසුරු උදාන එක්දින තරග 21කට හා 20යි 20 තරග 35කට ක්‍රීඩා කර තිබෙනවා.