Tuesday, May 14, 2024

General line - 0115112241

ලොව වේගවත්ම මිනිසා තෝරන මීටර් 100 ඔලිම්පික් තරග ඉසව්ව අද පස්වරුවේ




ක්‍රීඩා ලෝලින්ගේ වැඩි අවධානයක් දිනා ගත් ධාවන ඉසව් කිහිපයක් ටෝකියෝ ඔලිම්පික් තරග බිමේදී අද පැවැත්වෙනවා. මීටර් 400 පිරිම ධාවන ඉසව්වේ මූලික වටයේ තරග සහ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරග මෙන්ම එහි අවසන් තරගයද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 03යි 45ට ආරම්භ වන අතර එහි අවසන් තරගය මෙරට වේලාවෙන් පස්වරු 06යි 20ට ආරම්භ වනවා. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගද අද පැවැත්වීමට නියමිතයි. පිරිමි උස පැනීම ඉසව්වේ අවසන් තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 03යි 40ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

මේ අතර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට චීනය සමත්ව සිටිනවා. ඒ රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 12ක් දිනා ගනිමින්. සත්කාරක ජපානය රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 08ක් දිනා ගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා. පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසුවන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. ඔවුන් රන් පදක්කම් 16ක්, රිදි පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 13ක් දිනා සිටිනවා.