Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් බිද වැටෙයි




ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා අවසන් බලාපොරොත්තුව වූ අසුන් පැන්නවීමේ තරඟ ඉසව්වට එක් වූ මැතිල්ඩා කාල්සන්ට මූලික වටයෙන් ඉවත්වීමට සිදුවුණා. ඒ, මැතිල්ඩාගේ චොපින් නමැති අශ්වයා අවස්ථා කිහිපයක දී කඩුලු තරණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

ඒ අනුව එම තරඟ ඉසව්වේ අවසන් වටයට සහභාගී වීමට මැතිල්ඩා කාල්සටන් අවස්ථාව  හිමි වූයේ නැහැ. මෙම තරඟ ඉසව්ව කාන්තා පිරිමි භේදයකින් තොරව පැවැති අතර මූලික වටයේ පළමු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනා අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා.  මූලික වටය සඳහා එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 73ක්. 

ඒ පිළිබද තවත් තොරතුරු ජපානයේ ටොකියෝ ජාතික ක්‍රිඩාංගණයේ රැදී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත මනෝජ් උදටියාවලගෙන්.