Saturday, April 27, 2024

General line - 0115112241

වුහාන් නගරයේ කොරෝනා රැල්ලක් : චීනයේ නැවතත් කොවිඩ් ව්‍යාප්තිය ඉහළට 




කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙස සැලකෙනවා චීනයේ වුහාන් නගරයේ ජිවත් වෙන සියලුම දෙනාව නැවත වරක් PCR පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ වසරකට පසුව එම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

වුහාන් නගරයේ ජිවත් වන මිලියන 11ක ජනතාවක් මෙලෙස කොවිඩ් පරික්ෂණයන්ට ලක් කිරිමට තීරණය කර ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කර සිටියේ.

චීනයේ ප්‍රාන්ත 15 කින් කොවිඩ් ආසාදිතයින් 300 දෙනකු ඉකුත් දින 10 තුලදී වාර්තා වී තිබෙනවා. මේ සමගම චීන රජය විසින් එම ප්‍රාන්තවල විශාල වශයෙන් කොවිඩ් පරීක්ෂණ සිදුකිරිම ආරම්භ කර ඇත.

ඩෙල්ටා ප්‍රභේදය සමග චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි චීන බලධාරින් සඳහන් කරන්නේ. 

චීනයේ නෑන්ජීයෑන්ග් ගුවන් තොටුපොළට රුසියාවේ සිට පැමිණි ගුවන් යානයක් පවිත්‍රතා කටයුතු කළ සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග චීනයේ නව කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වුවා.

මේ අතර චීනයේ බීජිං අගනුවරින් ද කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වී ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කර සිටියේ .

පවතින තත්ත්වය හමුවේ චීනය තුල නැවත වරක් කොවිඩ් රැල්ලක් ඇතිවෙමින් පවතින බවයි සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා සිටින්නේ.