Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිල ඔලිම්පික් ට්‍රිප් ගිය හැටි හෙළි වෙයි




ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට නොහැකි වීමට ප්‍රධාන කරුණු කිහිපයක් ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. 

මේ අතර ඉන්දීය පිරිමි හොකී කණ්ඩායම අද ඉන්දීය ඔලිම්පික් පදක්කම් ඉතිහාසය අළුත් කිරීමට සමත් වුණා. ඒ, වසර 41 කට පසු හොකී ඉසව්වෙන් ඉන්දියාවට ඔලිම්පික් පදක්කමක් දිනා දෙමින්. තියුණු සටනකින් පසු ඉන්දියාව 5 ට 4 ක් ලෙස ජර්මනිය පරාජයට පත් කරමින් පිරිමි හොකී ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

පිරිමි හොකී ඉසව්ව ඉන්දීයාවට දීප්තිමත් ඔලිම්පික් ඉතිහාසයක් එක් කළ ඉසව්වක්. ඉන්දියාව ඔලිම්පික් රන් පදක්කම් 08 ක් දිනා ඇත්තේ පිරිමි හොකී ඉසව්වෙන්. එහෙත්, 1980 වසරෙන් පසු ඉන්දියාවට හොකී ඉසව්වෙන් කිසිඳු පදක්කමක් දිනා ගැනීමට හැකිවූයේ නැහැ.