Saturday, May 18, 2024

General line - 0115112241

අමෙරිකාව සහ චීනය අතර කරට කර තරගයක්




මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ප්‍රථමයා වීමට අමෙරිකාව සහ චීනය අතර උණුසුම් සටනක් නිර්මාණය වී තිබෙනවා. ඊයේ දිනය නිමා වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටි චීනය අභිබවමින් අමෙරිකාව මේ වන විට ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගෙන තිබෙනවා.

අමෙරිකාව රන් පදක්කම් 39 දිනා ඇති ඇතර චීනය දිනා ඇති රන් පදක්කම් සංඛ්‍යාව 38ක්. මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ අවසන් දිනය අද වන අතර ඉසව් කිහිපයක අවසන් තරග මේ වන විට ආරම්භ වී තිබෙනවා. සත්කාරක ජපානය මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ පදක්කම් සටහනේ තෙවන ස්ථානය පසුවන්නේ රන් පදක්කම් 27ක්, රීදි පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 17ක් දිනා ගනිමින්. මහා බි්‍රතාන්‍ය රන් පදක්කම් 22 දිනා ගනිමින් පදක්කම් සටහනේ සිව්වන ස්ථානය පසුවනවා. 

අසල්වැසි ඉන්දියාව පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඊයේ දිනා ගත් රන් පදක්කම සමග පදක්කම් සටහනේ 48වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා. ඔවුන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක්, රීදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා ගැනීමට සමත් වුණා. මෙය සැලකෙන්නේ ඉන්දියාව ඔලිම්පික් ඉතිහාසයේ දැක්වූ ඉහලම දක්ෂතාව ලෙසයි.