Friday, September 20, 2024

General line - 0115112241

ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් මිලියන ගණනක් අනතුරේ – ඔබේ දුරකථනයත් දැන්ම පරික්ෂා කරගන්න මෙතැනින්



ඇමරිකාවේ ක්වල්කොම් (Qualcomm) සමාගම විසින් නිෂ්පාදිත ඉලෙක්ට්‍රොනික් ‘චිප්’ ඇතුලත් ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් තුල සයිබර් ප්‍රහාරකයන්ට දත්ත සොරකම් කළ හැකි ආකාරයේ වෛරසයක් ඇති බව ‘චෙක්පොයින්ට් රිසර්චර්ස්’ නම් ආයතනය විසින් සොයාගෙන තිබේ. මෙම වෛරසය නම් කොට ඇත්තේ “Quad Rooter” නමිනි.

දැනට භාවිතා වන ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් අතුරින් 80% පමණ භාවිතා වන්නේ ක්වල්කොම් (Qualcomm) චිප් වේ. ඒ අනුව ක්වල්කොම් (Qualcomm) චිප් ඇතුලත් ජනප්‍රිය ස්මාර්ට් ෆෝන් වන Samsung Galaxy S7 and Samsung S7 Edge, Google Nexus 5X, Nexus 6 and Nexus 6P, HTC One, HTC M9 and HTC 10, LG G4, LG G5, and LG V10, OnePlus One, OnePlus 2 and OnePlus 3 දුරකථනද අනෙකුත් ක්වල්කොම් (Qualcomm) චිප් ඇතුලත් ජංගම දුරකථනද අනතුරේ වැටී තිබේ. කෙසේ වුවත් දැනට එසේ සිදුවූ සයිබර් ප්‍රහාර පිලිබඳ කිසිදු වාර්තාවක් නොමැත.