Saturday, May 18, 2024

General line - 0115112241

2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව එක්කරන්න ICCය වැඩ අරඹයි




2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියට ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීමට කටයුතු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා. ඒ සඳහා මූලික කටයුතු වෙනුවෙන් දැනටමත් විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇත්තේ.

ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීම, ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට හේතුවක් වනු ඇති බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දී තිබෙනවා.

අවසන් වරට ඔලිම්පික් උළෙලක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කර තිබුණේ 1900 වර්ෂයේ පැරිස් නුවර පැවති ඔලිම්පික් උළෙලේදීයි. ප්‍රංශය සහ එංගලන්තය නියෝජනය කරමින් කණ්ඩායම් 02 ක් පමණක් එහිදී තරඟවැදී තිබෙනවා. 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීමට අනුමැතිය හිමි වුවහොත් එය වසර 128 කට පසුව හිමිවන අවස්ථාවක් ලෙස ඉතිහාසගත වනු ඇති.