Friday, May 3, 2024

General line - 0115112241

ප්‍රබල දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් තිදෙනෙකුට ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය අහිමි වෙයි




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයින් තිදෙනෙකුට එක්දින තරගාවලිය අහිමි වී තිබෙනවා. ක්වින්ටන් ඩී කොක්, ඩේවිඩ් මිලර් සහ ලුන්ගි න්ගිඩි එම ක්‍රීඩකයින් තිදෙනායි.

කෙසේවෙතත්, ඔවුන් තිදෙනා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිතයි. 
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිනා ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් 02 වනදා සිට සැප්තැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියට එක්දින තරග03 ක් සහ පන්දුවාර 20 ක්‍රිකට් තරග 03 ක් ඇතුළත්.