Sunday, September 22, 2024

General line - 0115112241

මයිකල් පෙල්ප්ස් 21වන රන් පදක්කමත් දිනයි (PHOTOS)




 

පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් ඔලිම්පික් පිහිනුම් ඉසව්වලින් දක්වන දක්‍ෂතා මේ වනවිට අමෙරිකාව පුරා දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඔහු සිය කී‍්‍රඩා දිවියේ ලබාගත් ඔලිම්පික් පදක්කම් ගණන 21 ක් දක්වා අද ඉහළ නංවා ගත්තේ, මීටර් 200 සමනලආර සහ මීටර් 200, හතර නිදහස්ආර පිහිනුම් ඉසව් ජය ගනිමින්.

මේ සමගම පදක්කම් සටහනේ රන් පදක්කම් 9 ක් දිනා ගනිමින් යළි පෙරමුණට පැමිණීමට අමෙරිකාවට හැකි වුණා.

මයිකල් පෙල්ප්ස් මේ වනවිට වාර්තා කරන ජයග‍්‍රහණ පිළිබද සතුට පළ කරන සටහන් සහ ඡායාරූප වලින් බොහෝ අමෙරිකානුවන්ගේ නිල ට්විටර් ගිණුම් පිරීගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පෙල්ප්ස් මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උලලේ මෙතෙක් සහභාගි වූ පිහිනුම් ඉසව් තුනෙන්ම රන් පදක්කම් දිනා ගෙන තිබීමද විශේෂත්වයක්.

435345 _90734920_phelps_boomer_ap _90734922_gettyimages-587852452 10swim-40-superJumbo 10swim50-master1050 10swim-51-superJumbo-v2 10swim-1342-superJumbo-v4 (1)